ආජන්ටිනා කණ්ඩායමට ලියොනල් මෙසීගෙන් රනින් නිමවූ ඇපල් දුරකතන (ඡායාරූප)

පාපන්දු ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමේ සගයන් සහ කණ්ඩායම් කාර්ය මණ්ඩලය සඳහා iPhone 14 වර්ගයේ දුරකථන 35ක් නායක ලියොනල් මෙසී ඇණවුම් කර තිබෙනවා.

මෙම දුරකථන කැරට් 24 රත්‍රන්වලින් නිපදවා ඇති අතර ඒවා සෑම ක්‍රීඩකයෙකුටම සහ කාර්ය මණ්ඩලයගේ පෞද්ගලික පරිහරණය සඳහායි ලබාදෙනු ලබන්නේ.

ලියොනල් මෙසී ඔහුගේ කණ්ඩායමේ සගයන් සඳහා දුරකථන ලබා ගැනීම වෙනුවෙන් පවුම් 175,000ක් වෙන් කර ඇති බව සඳහන්.

අදාළ දුරකථනවල ආර්ජන්ටිනා කණ්ඩායමේ ලාංඡනය සමඟ එක් එක් පුද්ගලයාගේ නම කැටයම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සෑම දුරකථනයකම ක්‍රීඩකයාගේ අවසාන නම, කමිසයේ අංකය සහ AFA පලිහ තරු තුන සමඟ කැටයම් කර තිබෙනවා.

වසර 36 කට පසු පළමු වරට පාපන්දු ලෝක කුසලානය ගෙන ආ භට කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම ඔහු මෙම දුරකථන විශේෂයෙන් ඇණවුම් කර තිබෙනවා.

පැරිසියේ පිහිටි ඔහුගේ මහල් නිවාසයට විශේෂයෙන් සකස් කරන ලද මෙම දුරකථන මෙසී ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2 2
3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?