හරිනි කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා නඩු මගට – වගඋත්තර ලැයිස්තුවේ සියල්ලටම ඉහළ නාලිකාවකුත්

ජාතික ජන බලවේගී රජයක් පිහිටවූ පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ වේදිකාවක අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමෙන් තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් වූ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය තිස්ස අත්තනායක මහතාට සහ මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එරෙහිව රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලමින් අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කළා.

සිය කීර්ති නාමයට අපහාස වන ආකාරයෙන් තිස්ස අත්තනායක මහතා පසුගිය අගොස්තු 19 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේ දී ජනාධිපතිවරණය වේදිකාවක දැඩි අපහසාත්මක අන්දමින් එම ප්‍රකාශය සිදු කළ බවත්, එම ප්‍රකාශය අදාළ නාලිකාවේ උදෑසන පුවත්පත් විස්තර සම්බන්ධයෙන් පළ කරන වැඩසටහනක විකාශය කළ බැවින් එමගින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වගඋත්තරකාර පාර්ශ්වයෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කරන දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මෙහි පළමු වගඋත්තරකරු වන තිස්ස අත්තනායක මහතා මෙම ප්‍රකාශය අසත්‍ය බව දැන දැනම සිතාමතාම එය සිදු කළ බවත් එමගින් තමා විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස ගොඩනගා ඇති ප්‍රතිරූපයට දැඩි ලෙස හානි වූ බව සිය පෙත්සම මගින් මන්ත්‍රිනී හරිනි අමරසූරිය පෙන්වා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම එමගින් මහජනතාවගේ වෛරයට පාත්‍ර වූ බව ද සිය පැමිණිල්ල මගින් හරිනි අමරසූරිය වැඩිදුරටත් පෙන්වාදෙනවා.

පළමු වන වගඋත්තරකරු සිදු කළ එකී ප්‍රකාශය කිසිදු තහවුරු කර ගැනීමකින් තොරව දෙවැනි වග උත්තරකරු සිය නාලිකාවේ සහ ඊට සමගාමී වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකාවල ප්‍රචාරය කිරීමෙන් ද්වේෂසහගතව චේතනාන්විතවම සිය කීර්ති නාමයට හානි පමුණුවා ඇති බව ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

  1. ජවිපෙ හැමෝටම හොරු කියනවා , විවිධ චෝදනා කරනවා එයාලට මොනා හරි කියපු ගමන් අඩාගෙන උසාවි දුවනවා

    • ඉතින් නීතියේ සහාය පතන එක වැරදිද? අනික් අයටත් තියෙන්නෙ නඩු කියන්නනේ. සොරි එහෙම බෑ නේ. ඇත්තටම හොරා කාලානේ.

    • ජවිපෙ චෝදනා කරන්නෙ වැරදි කරපු අයටයි.ඔවුන් නිවැරැදිනම් නීතිමය පියවර නොගන්නේ ඇයි .
      එසේ නිතිමය පියවර නොගන්නේ ඔවුන් වැවැරදිකරුවන් නිසා නොවේ?

    • මිනිස්සුන්ට නිකන් හොරු කියලා අපහාස කරන්න බෑ…..JVP එකෙනුත් අනිත් අයට නිකම්ම හොරු කියනවනම් උසාවි යන්න පුලුවන්නේ.

    • තමන් නිවැරදිනම් මෙවැනි පහත් දේවල් කියූ තැනැත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුමයි.

  2. අනේ ඔයාගෙ ප්‍රතිරූපෙ. ගෑණු ගණිකාවො කරන ප්‍රතිරූපෙ. විවි කෙල්ලො වැඩි ගානකට දුන්නැකි.
    අර පෝස්ට් හදාපු එවුන්ට නඩු දානවා.

  3. උන්දැ කිව්ව තරමක් ගොන් කතා කියලා දැන් අඬනවා අඤේ…මගෙ පචරූපෙ කියලා.
    අගමැට්ටි..🤣🤣🤣

  4. මෙච්චර රටට කෙලවලා හොරුන්ට කඩේ යන්නේ හොරුම තමයි,
    බත් කන්නට එපා, තණකොළ නියමායි

  5. මාළුවා නහින්නෙ කට හින්දා කියලා තමයි කියන්න වෙන්නෙ. වන්දි වැඩක් නෑ යවන්න ඕනේ හිරේ ගොං පරයෝ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21