අළුත්වැඩියා කරමින් සිටි ට්‍රැක්ටර් රථය ඉදිරියට ධාවනය වී තරුණයෙක්ට දිවි අහිමි වෙයි

ට්‍රැක්ටර් රථයක් අළුත්වැඩියා කරමින් සිටියදී එක්වරම එය ඉදිරියට ධාවනය වී වයස් අවුරුදු 20ක තරුණයෙක් එම රථයේ රෝදයකට යටවී ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් කනගරායන්කුලම් පොලිස් වසමේ කුරුසුට්ටුකුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (02) සවස් කාලයේ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබු එම තරුණයා පුලියන්කුලම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කුරුසුට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කුරුසුට්ටුකුලම් කෝවිල පිහිටි ඉඩම පිරිසිදු කිරීම සඳහා අදාළ තරුණයා ට්‍රැක්ටර් රථය පණගැන්වීමේදී එහි කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, ඔහු විසින් ට්‍රැක්ටර් රථය අළුත්වැඩියා කරමින් සිටියදී එක්වරම ඉදිරියට ධාවනය වී මරණකරු එම රථයේ රෝදයකට යටවී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

කනගරායන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59