අසිෆ් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගනී

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක අසිෆ් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

මැද පෙළ පිතිකරුවෙක් වන අසිෆ් අලි පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 58ක් ක්‍රීඩා කර තිබෙනවා.

ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන අසිෆ් මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද දේශීය ක්‍රිකට් තරගවලට සහ ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීගවල දිගටම ක්‍රීඩා කරන බවයි පවසා ඇත්තේ.

“පාකිස්ථාන ජර්සිය පැළඳීම මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ගෞරවය වන අතර, ක්‍රිකට් පිටියේ මගේ රටට සේවය කිරීම මගේ ආඩම්බරම පරිච්ඡේදයයි.” යනුවෙන් අසිෆ් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් සමාජ මධ්‍යයට සටහනක් ද එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?