සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
අදාළ ප්රතිලාභ යෝජනා ක්රමය ක්රියාත්මක කිරීම සහ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.
2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා මේ මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත් 2 වන වටය සඳහා අස්වැසුම අයදුම් පත් කැඳවීමටත් එහිදී තිරණය කෙරුණා. එම විශේෂ ඒකකය සඳහා ග්රාමීය මට්ටමින් නිලධාරියෙකු පත් කිරීමටද සාකච්ඡා වී තිබෙනවා. ඊට අදාළව සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
21
+1
2
+1
3
+1
1
+1
1













