අස්වැසුම විශේෂ ඒකකයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.

2023 වසරේ සියලු‍ම අස්වැසුම අභියාචනා මේ මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත් 2 වන වටය සඳහා අස්වැසුම අයදුම් පත් කැඳවීමටත් එහිදී තිරණය කෙරුණා. එම විශේෂ ඒකකය සඳහා ග්‍රාමීය මට්ටමින් නිලධාරියෙකු පත් කිරීමටද සාකච්ඡා වී තිබෙනවා. ඊට අදාළව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.

  1. මම අර් පි පි චන්ද්‍රරතාන ඇරැගොඩ ගමිපොල මට සල්ලි තියනවා කියලා කවවීදො ඔන්ලයින් පෙස්සමක් යවලා එනිසා මට ඔවා හමිබුනෙ නැ මට ඇති සල්ලියක් මට ගෙ හදලා දුන්නෙත් රජයෙන් මටදැනගන්න ඔනෙ ඔවා දෙන්නෙ කාටද අපි වගෙ ඒදා වෙල හොයාගෙන කන අයට නෙවෙයිද

    • මම වකුගඩු රෝගියෙක් . මුලින්ම මගේ පියා තමා මට වකුගඩුව දුන්නෙ. පසුව නැවතත් මට වකු ගඩුවක් බද්ද කලා මුදල් වලට. එහෙම වුනු අපිට තිබුණ සමෘද්ධියත් කපලා අස්වැසුම 2500/=
      ලබා දෙන්න නම යෝජනා වෙලා තිබුනා. නමුත් ඒක අපිට දුන්නා කියලත් විරෝධතාවක් ගිහින්. එහෙව් රටක් මේක.