අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක දමාගොස් සිටි බවට සැක කෙරෙන අවුරුදු 04ක් පමණ වයසැති දැරියක් අද (13) වත්තේගම, යටිරාවණ මාර්ගයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණ දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට සැක කරන අතර, CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.













