spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු දහසයේ සහායක පූජකවරයා කෝවිලේ මඩුවක එල්ලිලා (ඡායාරූප)

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ සහායක පූජකවරයා ලෙස කටයුතු කළ 16 හැවිරිදි බාල වයස්කරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කෝවිලට අයත් තාවකාලික මඩුවක් තුළ අද (03) පෙරවරුවේ මොහු ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ ප්‍රධාන පූජකවරයා සමඟ එක්ව මොහු කාලයක සිට කොවිලේ පූජා කටයුතු සඳහා එක්වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අද (03) උදෑසන ප්‍රධාන පූජකවරයා කෝවිලේ නොමැති අවස්ථාවේ මෙම බාලවයස්කාර සහායක පූජකවරයා කෝවිලේ තාවකාලිකව ඉදිකර ඇති මඩුවක බාල්කයේ එල්ලී මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

02 2
02 3
02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
11
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?