අවිශ්කගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ පැවැති එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම ජයග්‍රහණය කළේ කඩුලු 08කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් හසන් ඉශකිල් ලකුණු 46ක් සහ බහිර් ෂාහ් ලකුණු 44ක් වාර්තා කළා.
පන්දුයැවීමේ දී චාමික ගුණසේකර කඩුලු 03ක් බිඳ දැමුවා.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 41ක් තුළ ලකුණු 231ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය පන්දුවාර 28යි පන්දු එකක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර යමින් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගය ජයගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 108ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 60ක් රැස් කළා.

පන්දු 79ක් තුළ ලකුණු 108ක් රැස්කළ අවිශ්කගේ මෙම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14