අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට බංගලීන්ට කඩුලු 08ක් ම අහිමි වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (25) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ෂැන්ටෝ පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අවසරයෙන් බංග්ලාදේශ පිතිකරුවන් ශක්තිමත් අත්තිවාරමක් ලකුණු පුවරුව මතින් ගොඩනැගීමටයි උත්සාහ දැරුවේ.

නමුත් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක ලකුණක් ගොඩනගමින් සිටි ශඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් අතැතිව සිටියදී පිටියෙන් ඉවත් කිරීමට තරිඳු රත්නායක සමත් වූ අතර අනමුල් හක් කිසිදු ලකුණක් ලැබීමටත් පෙර අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් (35) හා ලිටන් දාස් (34) හොඳින් පන්දුවට පහරදෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තුන් ඉරියව් ක්‍රීඩක සොහාන් දිනූෂගේ පන්දු හමුවේ මෙම ප්‍රබලයින් දෙදෙනාව ම දවා ගන්නට දිනූෂ සමත් වීම ම කැපී පෙනුණා.

ඉන් අනතුරුව ස්ථාවර වෙමින් සිටි මෙහිඩි හසන් ව ලකුණු 31කට යළි ක්‍රීඩාගාරයේ අසුනක් මතට හරවා යවන්නට විශ්ව ප්‍රනාන්දුට හැකි වුණු අතර තරගය නිමාවන විට 09 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටියේ ටයිජුල් ඉස්ලාම් සමගින් එබඩොට්.

කඩුලු බිඳ දැමීමේ දී විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ හා අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් හා ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

හෙට (26) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?