අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට බංගලීන්ට කඩුලු 08ක් ම අහිමි වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (25) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ෂැන්ටෝ පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අවසරයෙන් බංග්ලාදේශ පිතිකරුවන් ශක්තිමත් අත්තිවාරමක් ලකුණු පුවරුව මතින් ගොඩනැගීමටයි උත්සාහ දැරුවේ.

නමුත් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක ලකුණක් ගොඩනගමින් සිටි ශඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් අතැතිව සිටියදී පිටියෙන් ඉවත් කිරීමට තරිඳු රත්නායක සමත් වූ අතර අනමුල් හක් කිසිදු ලකුණක් ලැබීමටත් පෙර අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් (35) හා ලිටන් දාස් (34) හොඳින් පන්දුවට පහරදෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තුන් ඉරියව් ක්‍රීඩක සොහාන් දිනූෂගේ පන්දු හමුවේ මෙම ප්‍රබලයින් දෙදෙනාව ම දවා ගන්නට දිනූෂ සමත් වීම ම කැපී පෙනුණා.

ඉන් අනතුරුව ස්ථාවර වෙමින් සිටි මෙහිඩි හසන් ව ලකුණු 31කට යළි ක්‍රීඩාගාරයේ අසුනක් මතට හරවා යවන්නට විශ්ව ප්‍රනාන්දුට හැකි වුණු අතර තරගය නිමාවන විට 09 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටියේ ටයිජුල් ඉස්ලාම් සමගින් එබඩොට්.

කඩුලු බිඳ දැමීමේ දී විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ හා අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් හා ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

හෙට (26) තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24