AFC Banner
Empty Ad
Empty Ad

අලුත් විවාහය නිවේදනයකර හෝරා කිහිපයකින් පසු 20-20 වාර්තා අලුත් කළ ෂොයිබ් මලික්

පාකිස්ථාන සුපිරි තුන් ක්‍රීඩක ෂොයිබ් මලික්ට තම අලුත් විවාහය නිවේදනය කර පැය කිහිපයකට පසු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරන්නට හැකියාව ලැබුණා.

ඒ, පන්දුවාර විස්ස තරග රටාව තුළ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එත් සමඟ ඔහු විස්ස තරග රටාවේ ලකුණු 13,000ක් රැස්කළ ලොව දෙවන ක්‍රීඩකයා බවට ද පත් වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (20) පැවති රංග්පූර් රයිඩර්ස් සහ ෆෝචූන් බැරිෂාල් අතර තරගයේ දී මලික් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර ගියා.

ෂොයිබ් මලික් මේ වනවිට විස්සයි විස්ස තරග 526කට ක්‍රීඩා කරමින් ලකුණු 13010ක් රැස්කරගෙන සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000ක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වනවා.

41 හැවිරිදි ෂොයිබ් මලික් දැනටමත් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත්, විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තවමත් රැඳී සිටින්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථාන සංචිතය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන්.

මේ අතර ඔහු එරට ජනප්‍රිය නිලියක් වන සානා ජාවෙඩ් සමඟ කරච්චියේදී දෙවන වරට විවාහ වූ බව ඊයේ (20) දිනයේ දී නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?