අඩි 12ක් දිගැති ගැට කිඹුලා මාට්ටු වෙයි

දකුණු මුහුදු කලාපයේ වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ මුහුදේ දින ගණනාවක සිට සැරිසැරූ විශාල ගැට කිඹුලෙකු ආරක්ෂිතව අල්ලා ගැනීමට එම ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ගැට කිඹුලා දින ගණනාවක සිට මුහුදු ප්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම ධීවර කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල ව පැවති බවයි.

කෙසේවෙතත් ඊයේ (06) රාත්‍රී කාලයේ දී එම ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි ප්‍රජාව එක්ව මෙම ගැට කිඹුලාව අල්ලාගෙන වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළා.

මෙම ගැට කිඹුලා පිළිබඳව වගකිවයුතු අංශ දැනුම්වත් කළ ද; ඊට කඩිනම් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඒ එම කිඹුලා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූ හෙයින් බවයි වාර්තා වන්නේ.

මෙම කිඹුලාගේ දිග අඩි 12ක් පමණක් වන බව ද වාර්තා වනවා.

කිඹුලා අල්ලාගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහාය හිමි ව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18