spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් ලගදීම රජයෙන් ලංකාවට එන මෝටර් රථ

මින් ඉදිරියෙදි වාහන ආනයනය කිරීමට තීරණය කරන අවස්ථා වලදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. වායු දූෂණය අවම කරලීම සඳහා ගනු ලබන පියවරක් ලෙස එම තීරණය ගන්නා බවයි පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ. මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වාර්තා වනවා. මගී ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ යොදා ගැනීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

දැනට විදුලි බලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300 ත් 350 ක් අතර වන නිසා කිලෝ මීටර් 550 ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත් අවධානය යොමුවී තිබෙනවා. එමෙන්ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ. දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400 ක් පමණ තිබෙන අතර එම සංඛ්‍යාව තවත් 350 කින්වත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අවධාරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
213
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?