අලි මිනිස් ගැටුම් අඩු කරන්න පුරවැසි සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න – සජිත්

රටක් ලෙස 70%ක් අලි සිටිනුයේ සංරක්ෂිත ප්‍රදේශවලින් බැහැරව නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රම කටයුතු කරනු ලබනවා.

ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම මත පදනම්ව මිනිසුන් සිටින ප්‍රදේශවල වන අලින් සිටීම සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් වියලි තත්ත්වයත් සමඟ අලි මිනිස් ගැටුම් සහ වගා හානි ඉහළ යා හැකි බවත් මේ සඳහාද කඩිනම් විසදුම් සැලසුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාව වෙනුවෙන් දිලුම් අලගියවන්න , මහාචාර්ය බී. එස්. සම්පත් සෙනෙවිරත්න , මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය එස්. විජයමෝහන්, අංජලී වොට්සන් , Dr. Andrew Kittle, දීප්ති දේවිකා වික්‍රමසිංහ , ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල් , පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14