අරිසිමලේ නා හිමියන්ගේ ආරක්ෂාව ඉවත්කරලා ද ? – පොලිසියෙන් විශේෂ නිවේදනයක්

නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමකගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන පුවත සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ හිමිනමගේ ආක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් යොදවා සිටි බවයි.

අතිරේක නිලධාරීන් කළමනාකරණය සිදුකර මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදාහැර අදාළ හිමිනමගේ ආක්ෂක කටයුතු සිදුකරගෙන ගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කොළඹ සිට නැගෙනහිර ප්‍රදේශයට අදාළ නිලධාරීන් යෙදවීමේ දී පරිපාලන ගැටළුවක් ඇති වූ බව පවසන පොලිසිය, ඒ හේතුවෙන් අදාළ පොලිස්බල ප්‍රදේශයේ පොලිසිය මගින් එම හිමිනමට ආරක්ෂාව සැපයීමට ආ යෝජනාවක් මත එම කටයුතු සැලසුම් කළ නමුත් කිසිඳු අවස්ථාවක ආරක්ෂාව ඉවත්කර නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඒඅනුව එම හිමිනමට ලබාදී තිබූ ආරක්ෂාව පෙරපරිදිම ලබාදීම සඳහා කටයුතු සිදුකර ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලවංශ හිමියන්ට (අරිසිමලේ නා හිමියන්ට) යොදවා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සහ හඬපට සංසරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47