spot_imgspot_img
spot_img

අයිස් සොයා ආ පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ජලාශයට පැනලා

අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් අද (19) සොයාගෙන තිබෙනවා.

පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබිය දී මෙම මළ සිරුර හමුවූ බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස හමුව ඇත්තේ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි සුදේශ් කුමාර නමැති 37 හැවිරිදි අයෙකුගේ මළ සිරුර බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ඊයේ (18) දින අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇත් ද යන්න සම්බන්ධයෙන් පවතින සැකයක් මත පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය පානදුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?