අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගෙන ආ රසායනික ද්‍රව්‍යය අඩංගු බවට සැක කන්ටේනර් 02ක් මිද්දෙණියෙන් හමුවෙයි (ඡායාරූප)

මෙරට දී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යය අඩංගු බවට සැක කෙරෙන කන්ටේනර් පෙට්ටි දෙකක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම කන්ටේනර් පෙට්ටි දෙක සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම රසායනික ද්‍රව්‍යය අඩංගු කන්ටේනර් පෙට්ටි දෙක වළ දමා තිබිය දී සොයාගෙන ඇති අතර, ඒවා ගොඩගැනීමට මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම රසායනික ද්‍රව්‍යය අඩංගු කන්ටේනර් පෙට්ටි සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම රසායනික තොගය අඩංගු කන්ටේනර් පෙට්ටි වළදමා ඇති බව කියන ඉඩමේ ඡායාරූප පහතින්.