ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 10 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන ලෝකයේම ලෝකයම කතාවනවා.
ඇය අරියානා දඹරව හේවගේ නමැති දැරියයි.මැයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා යාමයි.
අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. අරියානා දැරිය සිය මව්පියන් සමඟ බ්‍රිතාන්‍යයේ Huddersfield හි පදිංචිව සිටින අතර පසුගිය දිනක Mensa IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගැනීමට ඇය සමත්ව තිබේ.
ඒ අනුව එය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමකි.
ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් ඇත. අරියානා පවසන්නේ තම බලාපොරොත්තුව ද ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීමයි