spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමු ආහාර අනුභවයට හුරු වී අකාලයේ මරු වැළඳගත් කාන්තාව (ඡායාරූප)

සිය ආහාර රටාව හේතුවෙන් අකාලයේ ජීවිතය හැරගිය කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඡානා සැම්සොනෝවා නැමැති 39 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාව නිර්මාංශ ආහාර අනුභවය සඳහා හුරුව සිට ඇති අතර, එලෙස ලබාගන්නා ආහාර පිසින ලද ආහාර වේලක් නොවීම ද විශේෂත්වයක්.

එලෙස හුරුව සිටි ආහාර රටාව හේතුවෙන් දිනෙන් දින ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට පටන් ගෙන තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර ඇතිවූ රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව මැය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සැම්සොනෝවා “මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ද සංචාරය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඇයගේ මිතුරුයක් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ “මාස කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ දී ඇය දැනටමත් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණු” බවයි.

Zhanna D’Art නමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සැම්සොනෝවා, අමු ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ තැනැත්තියක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
17
+1
7
+1
32
+1
12
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?