හිටපු ඇමති විමල්ගේ අයතා වත්කම් නඩුව කල් යයි

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා කැඳවීමට අද (03) කොළඹ මහාධිකරණය නියෝග කලා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබුවා.

නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 21,22,25,38 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

එකී පැමිණිල්ලේ සියලුම සාක්ෂිකරුවන් හට නොතේසි නිකුත් කරන ලෙසත් එදින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39