160 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.
මීට සමගාමීව පොලිසිය විසින් අද (03) සහ හෙට (04) දෙදින පුරාවට වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
මේ අතර, පොලිස්පති ප්‍රියන්ත විරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් ධජයන්ට සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධියේදි සහ රුවන්වැලි මහා සෑයේදී සිදු කෙරුණා.
එහිදී රුවන්වැලි මහා සෑ පුදබිමේ දී සියලු නිලධාරීන් උදෙසා ආශිර්වාද පතා පිරිත් දේශනාවක් පැවැත්වුණා.
පොලිස්පතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ද වැඳ ආශිර්වාද ලබාගත් අතර වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම ද සිදු වුණා.













