අභිනව රාජෝපවනාරාමාධිපති ධුරය සඳහා අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි

ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලෙස කටයුතු කළ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්වීමෙන් අභිනව රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී ඊයේ (21) සිදුකෙරුණා.