spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රේල් 28 දිවයිනට ම එළවළු නෑ

දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථානවලට අප්‍රේල් 28 දින එළවළු බෙදා හැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අද (අප්‍රේල් 26) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

රජයට එරෙහිව අප්‍රේල් 28 දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බව ය.

එළවළු ගොවියා රැක ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව ත් එදිනට එළවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සිදුවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ත් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?