අප්‍රේල් වන තෙක් ප්‍රමාණවත් බොරතෙල් තොග තිබෙනවා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

අප්‍රේල් මාසය වන තුරු තමන් සතුව ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල් 30,000 ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවයි.

රුපියල් මිලියන 800ක ඉන්ධන තොග ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම ඉන්ධන තොග සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුව මුදල් ගෙවන බවයි.

නැප්තා, ඩිසල් සහ තවත් ඉන්ධන වර්ග කිහිපයක් විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදෙන අතර අතිරික්ත පිරිපහදු ඉන්ධන තොග ගබඩා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

ගබඩා කරන පිරිපහදු ඉන්ධන තොග නැව් මගින් ත්‍රිකුණාමලය තෙල්ටැංකි සංකීර්ණයට යොමු කිරීමට නියමිත බවත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?