අනියම් පෙම ගිනියම් වී තරුණයෙක් මැරුම්කයි

අනියම් ප්‍රේම සම්බන්ධයක් දුරදිග ගොස් ඇති වූ ආරවුලක් මත පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොතුපිටිය, ගගලගමුව ප්‍රදේශයේ දී අද (15) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්ගොඩ ජනපදය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පෞද්ගලික තේ කර්මාන්තශාලාවක රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පත්වත්වාගෙන ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව විවාහක එක් දරු මවක්වන අතර, ඇය සැමියාගෙන් වෙන්ව දකුණු ගගලගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දරුවා සමඟ ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අද (15) අලුයම් කාලයේ කාන්තාව අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය 35 හැවිරිදි තරුණයා එම කාන්තාවගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු පසුපස කාන්තාවගේ විවාහක සැමියා ද පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අදාළ තරුණයා නිවසට ඇතුළු වී කාන්තාව සමඟ සිටින අවස්ථාවේ දී සැමියා නිවසේ පිටුපස දොර කඩා එම තරුණයාට මොට ආයුධයකින් පහර දී තිබෙනවා.

පහරදෙන අවස්ථාවේ ඔහුගේ කෑ ගැසීමත් සමඟ අසල්වැසියන් පැමිණ පහරකෑමට ලක්වූ තරුණයා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් ගතකර විටත් මියගොස් ඇති බවයි රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසිය වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29