අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුමකරු වන වසන්ත මුදලිගේ තලංගම පොලිස් ස්ථානය තුල රදවා සිටින විට ඔහු හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පෙරටුගාමී පක්ෂයේ නායකයින්ද , දේශපාලකයින්ද , නීතිඥයින් රැසක්ද පැමිණි බවත් ඔහු මේ වන විට අවස්ථා ගනනකදී අධිකරණය හමුවට පමුණුවා ඇති බවත් , ඔහු බන්ධනාගාරගතව මාස 3කට වැඩි බවත් , බන්ධනාගාර නිලධාරීන්ට හෝ මෙපමණ කලක් නොකිවූ ඔහු තලංගම පොලිස් අත්අඩංගුවේ සිටියදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ස්ථානාධිපති තලංගම වන තමන්ගේ රාජකාරි ජංගම දුරකථනය හරහා ඔහු අමතා තර්ජනය කලායැයි අසත්‍ය කථාවක් ඇප ලබා ගැනීමේ අරමුණින් පමණක් දේශපාලඥයින්ගේ උපදෙස් මත කර ඇති බවත් , තමා තලංගම ස්ථානාධිපති වශයෙන් කිසිදු අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ වසන්ත මුදලිගේ යන අයට තර්ජනයක් නොකල බව වගකීමෙන් දන්වා සිටින බවත් අද (26) කඩුවෙල අධිකරණයේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ ගරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටින ලදී.

සියළු කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් නොවැම්බර් 09 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13