අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන අතිසාර්ථකව ඉන්දියාවේ දී

ඉන්දියාවේ පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනට, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම නියෝජනය කරමින් සහභාගී වූ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා එකොළොස් දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පුරා මාසයකට අධික කාලයක් ඉන්දියාවේ බුද්ධගයා, නාලන්දා විශ්වවිද්‍යාලය, කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පැරණි විහාරස්ථානවල අධ්‍යයන චාරිකාවල නිරත වෙමින් ථේරවාදී සහ මහායාන බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සම – විෂමතා හඳුනා ගැනීම සඳහා විනය, සූත්‍ර, අභිධර්ම සහ මධ්‍යම ප්‍රතිපදාව යන තේමා ඔස්සේ සිය අධ්‍යයන කටයුතුවල ද නිරත වූ බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම වැඩසටහන අතරතුර ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නුවර බෞද්ධ විහාරස්ථානයක් වෙත වැඩම කර සිටි දළයිළාමා තුමා දැක බලා ගැනීමේ අවස්ථාව ද මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට උදා වී තිබුණා.

මෙකී වැඩසටහනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, භූතානය යන රටවලින් ද භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකු පමණ වැඩම කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පරීක්ෂා කරයි
01:11
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදිසියේම පරීක්ෂා කරයි
03:00
Video thumbnail
ලංකාවට වෙන්න යන මහ විනාශය මෙන්න..සුජීව එකින් එක හෙළිකරයි..රට පාලනය කරන්නේ කළු කඩ කාරයෝ
07:27
Video thumbnail
මාධ්‍යවේදීන්ට පොලිසියෙන් තර්ජන - මට ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සැකයි..
02:02
Video thumbnail
රාජපක්ෂලා හොරකම් කරපුවා ලාල්කාන්ත ගාවද තියෙන්නේ ?..මාලිමාවේ 159 විතරක් පෝසත්වෙලා හරියන්නේ නෑ
04:20
Video thumbnail
මහින්දගේ වත්කම් බැරකම් නාමල් හෙළිකරයි ?අපිට හංඟන්න දෙයක් නෑ..
01:59
Video thumbnail
ජොන්ස්ටන් බලලා අවුරුද්දට සුබ පතන්න ආ නාමල්..ජනපති මේකට වගකියන්න ඕනි..මේකේ පාඩුව කාටද ?
03:08
Video thumbnail
අපේ මීළඟ ආණ්ඩුව යටතේ ඔයාලා සිරගෙවල්වල ඉන්න සූදානම් වෙන්න..අපි කියන්නේ බොරු නෙවෙයි
02:33
Video thumbnail
ලොකුම සුනාමිය වදින්නේ තව මාස තුන හතරකින්..ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න වෙන්නේ
02:19
Video thumbnail
"මේ වයසක් නෑ තට්ටේ පෑදිලානේ" මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්න ගිය පොලිස්පති..
04:50