මානින්ගමුව, මහහල්මිල්ලවැවේ අද (03) පෙරවරුවේ මියගිය වන අලියෙකුගේ සිරුරක්, ප්රදේශවාසියෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම වන අලියා ඊයේ (02) රාත්රියේ ගම්මානයට පැමිණ ඇති අතර, එහිදී මහහල්මිල්ල වැවේ බැම්මෙන් බැසීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී, ගම්මානයට විදුලිය සැපයෙන අධිබලැති විදුලි රැහැනේ ගැටී, විදුලි සැර වැදීමෙන් මෙම වන අලියා ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැකපළ කරනවා.
ජීවිතක්ෂයට පත්වූ වන අලියා වයස අවුරුදු 25 – 30ත් අතර පසුවන පිරිමි අලියෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බව වනජීවී නිලධාරීන් පවසනවා.













