අධිකරණ සිර මැදිරියේ කලහ කළ අයෙක් රිමාන්ඩ්

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවතින අවස්ථාවේ අධිකරණ සිරමැදිරියේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද නියෝග කළා.

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි සැකකරුවෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුව පොලිසිය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

සැකකරු අධිකරණ සිරමැදිරියේ කලහකාරී ලෙස හැසිරෙන අවස්ථාවේ අධිකරණ ආරක්ෂක පොලිස් නිලධාරියා විසින් සැකකරුව එම නිලධාරියා භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසියට භාරදී තිබුණා.

මිනුවන්ගොඩ පොලිසිය සැකකරුව “බී” වාර්තාවක් මගින් අධිකරණය හමුවට නැවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගත් බැවින් චෝදනා පත්‍රයක් ගොනු කරන තෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06