අධිකරණ සිර මැදිරියේ කලහ කළ අයෙක් රිමාන්ඩ්

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවතින අවස්ථාවේ අධිකරණ සිරමැදිරියේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද නියෝග කළා.

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි සැකකරුවෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුව පොලිසිය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

සැකකරු අධිකරණ සිරමැදිරියේ කලහකාරී ලෙස හැසිරෙන අවස්ථාවේ අධිකරණ ආරක්ෂක පොලිස් නිලධාරියා විසින් සැකකරුව එම නිලධාරියා භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසියට භාරදී තිබුණා.

මිනුවන්ගොඩ පොලිසිය සැකකරුව “බී” වාර්තාවක් මගින් අධිකරණය හමුවට නැවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගත් බැවින් චෝදනා පත්‍රයක් ගොනු කරන තෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?