අද සිට විදුලි සැපයුම අඛණ්ඩව (වීඩියෝ)

අද දිනයේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීමට ලබාදුන් යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් එම දිනවල සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බවයි.

එමෙන්ම අද දිනයේ සිට විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අගුරු නැප්තා ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් බැංකු තුලින් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙවර විදුලි ගාස්තු වැඩි කරනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීමට වෙනුවෙන් බවට වන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කළේ මෙම ගාස්තු සංශෝධනය සිදු කරන්නේ අද සිට විදුලිය උත්පාදනය කිරීමට යන වියදම ආවරණය කර ගැනීමට පමණක් බවයි.

එමගින් කිසිදු අමතර ආදායමක් විදුලිබල මණ්ඩලයට නොලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය කංචන විජේසේකර මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ විදුලිබල මණ්ඩලය විදුලි උත්පාදන කටයුතු වෙනුවෙන් ලබාගත් ඉන්ධන සඳහා ඛනිජතෙල් සංස්ථාවට අද උදෑසන වන විට රුපියල් බලියන 118ක් ගෙවීමට ඇති බවයි.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙසටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

පසුගිය ජනවාරි 05 වන දින කැබිනට් අනුමැතිය ලැබුණු ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ගාස්තු සංශෝධන යෝජනාවට ඊයේ (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL ) අනුමැතිය ද හිමි වුණා.

https://www.youtube.com/watch?v=v2N-ROhAunY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09