spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට උදේ අටේ ඉඳන් රෑ 10.00 වෙනකල් විවෘතයි

අද (09) දිනයේ සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගත්තා.

ඒ, අනුව මෙම සංශෝධනය යටතේ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහිත ස්ථාන උදෑසන 8.00ට විවෘත කිරීමට අවස්ථාව හිමි වෙනවා.

එම ස්ථාන රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට ද මෙම සංශෝධනය යටතේ අවසර හිමිව තිබෙනවා.

මීට පෙර එම බලපත්‍ර සහිත ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිව තිබුණේ පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වායි.

එමෙන්ම හෝටල් සඳහා බලපත්‍ර ක්‍රමය අනුව පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත්, ඇතැම් ඒවා අලුයම 2.00 දක්වා විවිධ කාල රාමු කාණ්ඩ යටතේ විවෘතව තැබීමට අවසර දී තිබෙනවා.

පෙරවරු 10.00 සිට රාත්‍රී 9.00 දක්වා රට බීම තැබැරුම් බලපත්‍ර හිමි ස්ථාන මෙම නව සංශෝධනයට අනුව විවෘතව තැබිය හැකියි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම අවසරය ලබාදී තිබෙනවා.

WhatsApp Image 2023 12 09 at 7.30.38 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
0
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?