අද බැංකු විවෘත වේලාවන් මෙන්න

අද (23) දිනයේ දී සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත කර තබන බව බැංකු සමාගම් විසින් නිවේදනය කර සිටී.

මේ අනුව වාණිජ බැංකු කිහිපයක් අද දිනයේ දී සිය ශාඛා විවෘත කර තැබෙන ආකාරය පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටු හරහා ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී තිබිණි.

වෙළෙඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාෂණ කටයුතු, වැටුප් ගෙවීම් කටයුතු වැනි අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් සඳහා පමණක් මෙලෙස බැංකු ශාඛාවන් විවෘත කර තැබෙනු ඇත.

හැකිතාක් ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙස සිය ගනුදෙනුකරුවන්ගෙන් ඒක් ඒක් බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටී.

අදාළ බැංකුවල නිල වෙබ්අඩවියට හෝ නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු දැනගත හැකිවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47