අද පස්වරු 1.00න් පසුව, ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දැනුම්දීමක්

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ පළාත්වලත්, වවුනියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (06) පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !