අදත් දිවයින පුරා විදුලි කප්පාදුවක්

අදත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

E සහ F කලාපවලට පැය 7 මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර P,Q,R,S,T,U,V කලාපවලට පැය 3 කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

E කලාපය සඳහා පෙරවරු 8 සිට පස්වරු 1 දක්වාත්, සවස 6 සිට රාත්‍රි 8.30 දක්වාත් විදුලිය කැපීමට සැලසුම් කර තිබේ.

F කලාපය සඳහා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වාත් රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වාත් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

T සහ U කලාපවල පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වාත් පස්වරු 5 සිට 6 දක්වා විදුලි කප්පාදුවක් සිදුවන අතර Vසහ W කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 6 සිට රාත්‍රි 7 දක්වාත් විදුලි කප්පාදුව සිදුකෙරේ.

R සහ S කලාපවලට පස්වරු 1 සිට පස්වරු 3 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රි 8 දක්වාත්  P සහ Q කලාපවලට පස්වරු 3 සිට පස්වරු 5 දක්වාත් රාත්‍රි 8 සිට රාත්‍රි 9 දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර විදුලි ඒකකයක් සඳහා වැය මුදල ඉහළ දමමින් විදුලි මිල ඉහළ දැමීමේ සුදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42