අතුරුදන් වූ දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන්ව සිටින අවුරුදු 15ක වයසැති දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචි දැරියක්.

ඇය පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 13 වනසා සිට අතුරුදන්ව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය ඔක්තෝබර් 13 වනදා පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් විසින් තෙල්දෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තෙල්දෙණිය පොලිසිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13 වනදා මෙම දැරිය සිය පාසලේ මිතුරියක සමග පාසලට නොගොස් මහනුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණ ඇති බවයි.

එහිදී දුම්රියේ සිටි තරුණයෙකු විසින් මෙම දරුවන් පිළිබඳව සැක සිතී දරුවන්ගෙන් තොරතුරු විමසා ඇතැයි සඳහන්.

පසුව ඒ සම්බන්ධව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණෙන තුරු දරුවන්ව ඔහු භාරයේ තබාගන්නා ලෙසටයි දෙමාපියන් අදාළ තරුණයාට දන්වා ඇත්තේ.

එමෙන්ම දෙමාපියන් පැමිණෙන තෙක් ඔවුන් ගෝල්ෆේස් පිටියේ රැඳි සිට ඇති අතර එසේ සිටින අතරතුරදී මෙම දැරිය ඔවුන් මඟහැර ගොස් තිබෙනවා.

සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වී ඇති දැරිය සමග සිටි අනෙක් දැරිය දෙමාපියන් වෙත එම තරුණයා විසින් භාරදී ඇති බවයි.

අතුරුදන් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර දැරිය සොයාගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ දැරිය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තෙල්දෙණිය පොලිස්ථානය – 081 237 4073

තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1066

girl


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17