අත්‍යවශ්‍ය කටයුතුවලට හැර වෙනත් කිසිවකට මුදල් දෙන්න බෑ

අත්‍යවශ්‍ය කටයුතු හැර වෙනත් කිසිවකට ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය හමුවේ මුදල් අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන අසීරු කළමනාකරණයට බාහිර පාර්ශවයන් විසින් දේශපාලන වශයෙන් බාධා කිරීම සහ බලපෑම් කිරීම රට යථා තත්ත්වයට පත් කිරීමට ලබා දෙන සහයක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබාදීම, සමෘද්ධි ඇතුලු සහනාධාර ගෙවීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආධාර ලබාදීම වැනි සුබ සාධන කටයුතු රජය සිදු කරනු ලබන්නේ අපහසුතා මධ්‍යයේ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙටි කාලයක් මෙම මුදල් සීමා කිරීම සිදු කළ යුතු වන්නේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් බවයි ශෙහාන් සේමසිංහ කියාසිටියේ.

එසේ නොවුණ හොත් ඉදිරියේදී පෝලිම් යුගයක් නැවත නිර්මාණය වනු ඇති බව ද ඔහු අනතරු අගවනවා.

රජයේ කටයුතුවලට බාධා කිරීම රටේ පැවැත්මට ද බාධාවක් බවයි ඔහු කියාසිටියේ.

රජයක් ලෙස එකට කටයුතු කරමින් සිට ජනතා විරෝධය එල්ල වූ පසුව ඉන් ඉවත්ව වෙනත් කඳවුරකට එක්වී තමන් නියෝජනය කල ආණ්ඩුවට චෝදනා කිරීම සදාචාරාත්මක නොවන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එවැනි පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23