අතවර කරන්න ආ පුද්ගලයා කාන්තාවගේ පහරදීමෙන් මියයයි

තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම කාන්තාව කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී සැකකරු මෙම කාන්තාව සිටි නිවසට ඇතුලුවී අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඇය මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය සිටි නිවසට පැමිණි මියගිය පුද්ගලයා බීමට ජලය ඉල්ලා ඇති අතර එය ලබාදීමට කාන්තාව කටයුතු කරන අවස්ථාවේ පිටුපසින් ගොස් වැළඳ ගැනීමට උත්සාහ කිරීමේදී පහරදීම සිදුවී ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ මොරකැටිආර ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට පහරදීමෙන් අනතුරුව කාන්තාව සිද්ධිය පිළිබඳ තංගල්ල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර එම ස්ථානයේම ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති අතර තංගල්ල පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54