spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් චීන රජයෙන් ආධාර

චීන රජයේ ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා නිවාස ඒකක 1,996ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කර පහසුකම් සහිත නාගරික නිවාස යෝජනා ක්‍රමවල නිවාසවල පදිංචි කරවීමට ගත් තීරණයක් පරිදි ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහයක් වශයෙන් මෙම නිවාස ඉදි කෙරෙනු ඇති. ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙත යුවාන් මිලියන 552ක මූල්‍යාධාර ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

සමස්ත ව්‍යාපෘතිය යටතේ ඉඩම් සංවධානය කිරීම හා වැඩබිම් සීමාව දක්වා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?