අඩි තුන්සීයක පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අයගම, ඉන්දොලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සීයක පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයගම, දුම්බර, මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පෙරේදා (14) දින ඥාති ගෙදරකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, එම ඥාති නිවස වෙත ඔහු නොපැමිණීම මත සිදුකළ දැනුම්දීමකට අනුව සොයාබැලීමේ දී අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ගලේ පන්සල නැමති ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව තිබෙනවා.

පසුව අයගම පොලීසිය වෙත සිදුකරන ලද දැනුම්දීමක් මත ඊයේ (15) කුරුවිට යුද හමුදා නිලධාරීන් සමඟ පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඔහුගේ මෘත දේහය අඩි තුන්සියක පමණ ප්‍රපාතයක තිබී සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

මේ අතර, යුද හමුදා නිලධාරීන් හා පොලීසිය එම මෘත ශරීරය තිබෙන ස්ථානයට ළඟාවීමට උත්සහා කළද එම ස්ථානයට ළඟාවීමට නොහැකි වූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව අද (16) දිනයේ එම දේහය ගොඩගැනීමේ මෙහෙයුම් කමාන්ඩෝ නිලධාරීන් සහ යුද හමුදාව විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පහළට ඇද වැටීමෙන් මිය ගියාද, නැතහොත් පහළට පැන සියදිවි හානිකර ගත්තා ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54