spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අජිත් රෝහණ මහතා දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ බාර ගනි(ඡායාරූප)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා දකුණු පලාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සර්ව ආගමික වාතාවන් වලට අනුව ඊයේ (01) පෙරවරුවේ මාතර නුපේ පිහිටි දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදි වැඩ භාර ගැනිම සිදු කෙරිණි.

වැඩ බාර ගැනිමට ප්‍රථම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මාතර බෝ සමිදු වෙත ගොස් ආගමික වතාවන් සිදු කොට මාතර බෝ සමිදුගේ ආශිර්වාදය ලබාගැනීමට කටයුතු කළහ.අජිත් රෝහණ මහතා අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කලහ. දකුණු පළාත භාරව කටයුතු කරන දහවන (10) වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අජිත් රෝහන මහතා එක්වෙති.අජිත් රෝහණ මහතා වැඩ භාරගැනීමේ අවස්ථාවට මාතර,ගාල්ල හා හම්බන්තොට යන කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුලූ උසස් පොලිස් නිලධාරින් එක්ව සිටියහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?