අගමැතිනිය කැනඩාව බලා පිටත් ව යයි

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගි⁣යා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි දී පැවැත්වෙනු ඇති.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31