අගමැතිතුමනි යන්න එපා

සෑම ආසනයකින්ම පුද්ගලයන් සිය දෙනකු අරලියගහ මන්දිරයට අද (9 වැනිදා) පෙරවරු නවය වනවිට සහභාගි කරවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස් නොවන ලෙස බලකිරීම සඳහායි.

අරලියගහ මන්දිරය අසල ජනතා සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.මෙම පිරිස අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී පසුව පා ගමනින් ජනාධිපති මන්දිරය දක්වා යාමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනකු විසින් අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?