බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

එමෙන්ම මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙසයි එම ගිණුම් හිමියන්ට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බවයි.

කෙසේ වෙත්ත ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසනවා.

  1. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222 යොදගෙන ගිනුම් විවෘත කල අය ගැන සොයා බැලුවාද?

  2. ජාතික හැඳුනුම්පත් අංකය තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුව RAMIS පද්ධතියට දාන ඔබගේ හඳුනාගැනීමේ අංකය විදියට භාවිතා කරන්නෙ. මින්පසු ඔබගේ බැංකු ගිණුම්වල ගනුදෙනු සියල්ල ස්වයංක්‍රීයව නිරීක්ෂණය වෙනවා. ඔබගේ බැංකු ගනුදෙනුවල පොලිය වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවූ විගස අදාල ආදායම් බද්ද ගෙවීමට නියම කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53