spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිකමෙන් ඉවත්වන්න සූදානම් බව අගමැති ජනපතිට කියයි..?

කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ දින පැවැත්වීමෙන් පසු රාජපක්ෂ පවුලේ හමුවීමක් සිදුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු පමණක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙහිදී පවතින තත්ත්වය පිළිබසව දීර්ඝව සාකච්ජා වී ඇති අරත ජනාධිපතිවරයා යෝජනා ‌කොට ඇත්තේ අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසටය.

එහිදී අගමැතිවරයාද පිළිතුරු දෙමින් කියා ඇත්තේ ජනාධිපතිවරයා තමන් ඉවත් විය යුතු බව කියන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් යැයි කියාය.

කෙසේවෙතත් මෙහිදී සාකච්ජාවට මැදිහත් වී ඇති බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ජා කොට තීන්දුව අද දිනයේදී දැනුම් දෙන්නම් යැයි කියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?