සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන අතුරුගිරියේ ජෙරම් නැමැත්තා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස කඩ පේළියක අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු ඉකුත් මාර්තු 25 වැනිදා හෝමාගම ගාල් කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සමබන්ද පුද්ගලයෙකු බව පවසන පොලිසිය අතුරුගිරිය පොලිස් ස්ථානයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාල වරෙන්තු කරුවෙකු බවත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













