විශේෂ පොලිස් මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නවතී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 24, 25 සහ 26 දිනවල මෙම විශේෂ මෙහෙයුම තාවකාලිකව නතර වන බවයි.

මේවන විට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරතවන අතර එම නිලධාරීන්ට නත්තල් දින දෙකෙහි සහ පොහොය දිනයේ දේවස්ථාන ආරක්ෂාව වැනි ආරක්ෂක කටයුතු වෙනුවෙන් ද කටයුතු කිරීමට සිදුවී තිබීම මීට හේතුවයි.

එමෙන්ම උත්සව සමයේ මාර්ගවල රාජකාරී කටයුතු කිරීමට වැඩි වගකීමක් රථ වාහන අංශ භාර පොලිස් නිලධාරීන්ට පැවරී තිබීම ද හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

මෙම දිනවල යුක්ති මෙහෙයුම අඩු කිරීමක් පමණක් සිදු වන අතර සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු නොවන බව ද නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

මෙය මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නතර කිරීමක් නොවන බව ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ එලෙස නතර කළ හොත් පසුගිය දිනවල සිදු කළ සාර්ථක මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.

යුක්ති මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ද 17 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් සඳහා බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?