ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම ගැන කතා කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකානු තීරුබදු පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ සියලු දේශපාලන පක්ෂ නායකයින් සමගයි.

අද (09) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක මහතා පැවසුවේ එම විශේෂ සාකච්ඡාව හෙට (10) දින පැවැත්වෙන බවයි.

එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි පැවැත්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්