UPDATE – අශෝක වික්‍රමසිංහට ඇප

කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා සභාපති අශෝක වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග හිමි ව තිබෙනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ ව අශෝක වික්‍රමසිංහ මහතාව අද (09) දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය හිමිවූයේ.