විශේෂ පොලිස් මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නවතී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 24, 25 සහ 26 දිනවල මෙම විශේෂ මෙහෙයුම තාවකාලිකව නතර වන බවයි.

මේවන විට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරතවන අතර එම නිලධාරීන්ට නත්තල් දින දෙකෙහි සහ පොහොය දිනයේ දේවස්ථාන ආරක්ෂාව වැනි ආරක්ෂක කටයුතු වෙනුවෙන් ද කටයුතු කිරීමට සිදුවී තිබීම මීට හේතුවයි.

එමෙන්ම උත්සව සමයේ මාර්ගවල රාජකාරී කටයුතු කිරීමට වැඩි වගකීමක් රථ වාහන අංශ භාර පොලිස් නිලධාරීන්ට පැවරී තිබීම ද හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

මෙම දිනවල යුක්ති මෙහෙයුම අඩු කිරීමක් පමණක් සිදු වන අතර සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු නොවන බව ද නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

මෙය මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නතර කිරීමක් නොවන බව ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ එලෙස නතර කළ හොත් පසුගිය දිනවල සිදු කළ සාර්ථක මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.

යුක්ති මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ද 17 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් සඳහා බව ද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04